S

අසම්මත පෙම

බලා සිටියෙමි බොහොදිනක් මම
ඔයා එනතුරු මග බලා
නව වසන්තෙට නිමේෂයකදි
පැමිනියා ඔබ හිනැහිලා .....
හාදුවක් දී මගේ නලලත
වසන්තෙට ආසිරි පතා
හිනැහුනා අපි නව වසන්තෙට
කිරි සුවද නිවසට පතා.....
අසා හදවත රිදුම් දුන්නා
ප්‍රේමයට නුඹ කළ මුසා
හැඩූවා මම පෙරලි පෙරලී
නුඹ මගේ නොවනා නිසා .....
ප්‍රේම කලමුත් දිවෙන් දිව ගා
හොර අඹුවකට ල0වෙලා
පහස වින්දේ අනෙ හැබෑටම
රිදුම් දුනි හදවත පලා.....
ඇදුම් ඔක්කොම උනා තබලා
වෙන එකීයක් එක්කලා
කොහොම කියපන් බුදියගත්තේ
මාව අමතක කරවලා .....
තොල් ඉරූවද ඒකිගේ තෝ
අනේ කොහොමෙයි ළ0වෙලා
බඩක් ආවම ඒකි දුව එයි
තත්තගෙ නම ඉල්ලලා .....
තන් උරාගෙන තොල් දමාගෙන
හිටියනම් ඒකිගෙ වෙලා
යන්න පලයන් ඒකි ළගටම
මගේ හිරු අවරට ගියා .....
හිරිකිතයි නුඹ කලකිරීමයි
බිදුනු හදවත ගල්වෙලා
ලියන්නට පදවැල් නැතී මම
කවිය ළග අසරණ වෙලා.....
©sankalpana